Tuesday, August 2, 2016

ජපනුන් මැරෙන්න යන ඔකිගහරා වනය

" ඔබගේ ජීවිතය දෙමාපියන්ගෙන් ලද වටිනා තෑග්ගකි...ඔවුන් ගැන සිතන්න...ඔබගේ පවුලේ අනෙකුත් සාමාජිකයින් ගැන සිතන්න...ඔබ තනියම විදවීමට අවශ්‍ය නොවේ...අවට ඇති ඕනෑම දුරකථන කුටියකින් පහත දුරකතන අංකයට අමතන්න...අප ඔබ වෙනුවෙන් උදව්වට පැමිණෙන්නෙමු. "

මෙන්න මේ වගේ පණිවිඩයක් වනාන්තරයක පිවිසුම් දොරටුවේ සවිකරලා තිබ්බොත් ඔබට මොන වගේ හැගීමක් ඒවිද ? ඒත් ජපානයේ සුප්‍රකට ෆුජියාමා කදු පාමුල පිහිටලා තියන සුන්දර ඔකිගහරා (Aokigahara) වනාන්තරයේ පිවිසුම් දොරටුවේ එවන් පණිවිඩයක් සදහන් වෙනවා.

ඒ මොකද දන්නවද ? මේ වනාන්තරයට ඇතුල් වෙන බොහොමයක් ජපන් ජාතිකයින් පැමිණෙන්නේ සියදිවි නසා ගැනීමේ චේතනාවෙන්....එක හින්දම තමයි මේ වනාන්තරය සියදිවි නසාගන්නන්ගේ තෝතැන්නක් එහෙම නැත්නම් සියදිවි නසාගන්නන්ගේ වනාන්තරය ( suicide forest ) විදිහටත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.

වර්ග කිලෝමීටර් 35 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී ඇති මේ වනාන්තරය අතීතයේ සිටම සියදිවි නසා ගැනීම් සදහා ප්‍රසිධියක් උසුලනු ලබනවා.සංඛ්‍යා ලේඛන වල යම් යම් පරස්පරතා තිබුනත් 1988 වර්ෂයේ සිටම සෑම වසරකම දිවි නසාගැනීම් 30 පමණ වාර්තා වෙනවා.

2002 වර්ෂයේ මළ සිරුරු 78 ක්ද 2003 වර්ෂයේ මළ සිරුරු 105 ක්ද සොයාගෙන ඇති මේ වනාන්තරයේ 2010 වර්ෂයේ පුද්ගලයින් 200 අධික සංඛ්‍යාවක් සියදිවි නසා ගැනීමට උත්සාහ දරා තිබුනත් 54 දෙනුකු එයින් සාර්ථක වූ බවත් සදහන්.ජපානයේ මුදල් වර්ෂය අවසන් වන මාර්තු මාසයේ සියදිවි නසාගැනීම් ප්‍රමාණය ඉහල යන බවයි වාර්තා වෙන්නේ.

මෙම වනාන්තරය තුල දිවි නසාගන්නන් තම ආත්ම ඝාතනය සදහා බොහෝ විට යොදාගනු ලබන්නේ කඹයක එල්ලීම හෝ අධික ලෙස මාත්‍රාව ඉක්මවා ඹෟෂධ ලබා ගැනීමයි.වනාන්තරයේ ගස් වැල් පිහිටා ඇති අධික ඝනත්වය නිසා මෙම මළ සිරුරු සොයා ගැනීමට කාලාන්තරයක් ගත වෙන බවයි වාර්තා වෙන්නේ.

මෑතක සිට බලධාරීන් මෙම වනාන්තරය තුල සිදුවෙන දිවි නසාගැනීම් ප්‍රමාණය වාර්තා කිරීමෙන් වැලකි සිටින්නේ සියදිවි නසාගැනීමට බලාපොරොත්තු වෙන පුද්ගලයින් හට එම සංඛ්‍යා උත්තේජනයක් වීම වැළක්වීමේ අදහසින්.

ඔකිගහරා වනාන්තරය සියදිවි නසගන්නන් අතර ජනප්‍රිය වීමට පටන් ගෙන ඇත්තේ 1960 වර්ෂයේ ප්‍රකාශයට පත් වුනු Seichō Matsumoto නමැති ජපන් ලේඛකගේ Kuroi Jukai (Black Sea of Trees) කෘතිය නිසා බවයි පැවසෙන්නේ.

ඒමෙන්ම ජපන් මිත්‍යා කතාවල එන " යුරි " නමැති දුෂ්ට ආත්ම සමගද මෙම අත්භූත වනාන්තරයට ඇත්තේ සුවිශේෂී සම්භන්ධතාවයක්.










හොටය ආහාර ගබඩාවක් කරන Atlantic Puffin පක්ෂින්

අයිස්ලන්තය ආශ්‍රිත වෙරළ තීරයේ ජිවත් වෙන මේ අපුරු පක්ෂි විශේෂය හැදින්වෙන්නේ Atlantic puffin නමින්.

අති දක්ෂ කිමිදුම්කරුවන් ලෙස සැලකෙන මොවුන් හට මුහුදේ අඩි 200 පමණ ගැඹුරට පිහිනා මසුන් දඩයම් කිරීමේ හැකියාවක් ඇත.

කුඩා මාළුන් දඩයම් කිරීමට ප්‍රියතාවයක් දක්වන මෙම පක්ෂීන්ගේ ඇති විශේෂත්වය වන්නේ ගැඹුරු මුහුදට කිමිද අල්ලාගන්නා මසුන් හොටෙයේ රදවා තබා ගැනීමට ඇති හැකියාවයි.වරකට මසුන් 10 දෙනෙකු පමණ මෙලෙස හොටයේ ගබඩා කිරීමට මොවුනට පුළුවන.




 

සුන්දර ජපානයේ සුන්දර මාර්ගයක් (Tateyama Kurobe Alpine Route - The 65 Foot snow corridor in Japan)


උතුරු ජපානයේ ඇල්ප්ස් (Northern Japan Alps ) කදු වැටිය හරහා ගමන් කරන Tateyama Kurobe Alpine මාර්ගය දෙසැම්බර් මාසයේ සිට අප්‍රියෙල් මාසය දක්වා තියෙන්නේ සම්පුරණයෙන් හිමෙන් වැසි ගිහින්.

නමුත් වසන්ත කාලය උදා උන විගස මේ මාර්ගය මහජනයා සදහා විවෘත වෙනවා.මීටර් 20 පමණ වන ඝනකම් හිම තට්ටු මැදින් පාද ගන්නා මේ මාර්ගය දැඩි සංචාරක ආකර්ශණයක් ලබා ගන්නා මාර්ගයක් ලෙස ලෝක ප්‍රසිද්ධයි.