Tuesday, January 24, 2017

ඇමසන් වනයේ සැගවුණු ජිවිත

වර්ග කිලෝමීටර් 5,500,000 පුරාවට පැතිරී ඇති දකුණු ඇමරිකාවේ ඇමසන් වනාන්තරයේ බාහිර ලෝකය සමග කිසිදු ගනුදෙනුවක් නැති හුදකලා ගෝත්‍ර ගණනාවක් ජිවත් වෙති.
පිටස්තරයින් වනයට සංක්‍රමණය වන විට තව තවත් සැගව ජිවත් වීමට වෙර දරන මෙම මිනිසුන් තම හිසට ඉහලින් පියාසර කරන හෙලිකොප්ටර් යානයකට එරෙහිව පවා දුණු ඊතල අමෝරා ගනිති.
බ්‍රසීල ජායාරුප ශිල්පී Ricardo Stuckert විසින් ඇමසන් වනයේ ජිවත් වන මෙවැනි ආකාරයේ ගෝත්‍රයක මිනිසුන්ගේ ඡායාරූප කිහිපයක් ලබා ගැනීමට සමත් වී සිටි.
Stuckert ගමන් කරමින් සිටි හෙලිකොප්ටරය කුණාටුවකට හසුවී, ඇමසන් වනයේ පීරු දේශ සීමාව ආසන්නයට පියාසර කර ඇති අතර එහිදී ඔහුට මෙම හුදෙකලාව වාසය කරන ගෝත්‍රික මිනිසුන් දක්නට ලැබී තිබේ.
මීට පෙර 2008 වර්ෂයේදී ද මෙවැනිම ආකාරයේ ඡායාරූප කිහිපයක් ලබාගැනීමට හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටි ඡායාරූප ශිල්පියෙකු සමත් වූ අතර එම ඡායාරූප ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේය.
ඡායාරූප : නැෂනල් ජියෝග්‍රැෆික් වෙබ් අඩවිය






ඉක්වදෝරයේ ලෝකාන්ත ඔන්චිල්ලාව

ලොකු කුඩා බාල මහළු අප සියල්ලන්ගේම සිත් පැහැර ගත් ස්ථානයක් තමයි හෝටන්තැන්නේ ලෝකාන්තය...ඉතින් ඔය ලෝකාන්තයේ මහා ප්‍රපාතෙට ඔන්චිල්ලාවක් බැදලා ඔන්චිලි පදින්නන්න එහෙම චාන්ස් එකක් තිබුනොත් තිබුනොත්....හ්ම්ම්...කරන්න තියා හිතන්නවත් අමාරු වැඩක් නේද..?
ඒත් ඒවගේ ලෝකාන්තෙක ඔන්චිලි පදින දැඩි සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානයක් තමයි මේ La Casa Del Arbol කියන්නේ...මේක තියෙන්නේ දකුණු ඇමරිකා මහද්වීපයේ ඉක්වදෝරයේ කියන රටේ.
මුහුදු මට්ටමේ ඉදලා මීටර් 2600 ( හෝටර්න් තැන්න මීටර් 2100-2300 ) ක වගේ උසක තියෙන මේ ස්ථානය ඉස්සර යොදාගෙන තියෙනේ ඊට කිලෝමීටර් කිහිපයක් එහායින් තියෙන Tungurahua ගිනි කන්ද නිරීක්ෂණය කරන්න...ඒ කියන්නේ ගිනිකන්ද සක්‍රිය වෙලා දුම් දාන්න පටන් ගන්නවද කියල බලන්න.
ඉතින් මෙතන ඉන්න ගමන් කම්මැලිකම යන්නත් එක්ක භූ විද්‍යාඥයින් එකතුවෙලා ප්‍රපාතෙට මුහුණ දාල තියෙන විශාල ගසක ඔන්චිල්ලාවක් බැදලා තියනව...ඒ ඔන්චිල්ලාව තමයි අද වෙනකොට ලෝකයේ නන්දෙසින් පැමිණෙන ත්‍රසෝන්මාදී ක්‍රියාවල නිරත වන්න කැමති සංචාරකයන්ගේ තෝතැන්නක් බවට පත් වෙලා තියෙන්නේ.
මෙතන කොච්චර ලස්සන උනත් අසුරු සැනෙන් ඡීවිතක් පවා නැතිවෙන්න පුළුවන් මාරාන්තික ස්ථානයක් විදිහට තමයි සැළකෙන්නේ...හැබැයි මේ වෙනකම් සංචාරකයින්ට එහෙම අනතුරක් සිද්ධ වෙලා නම් නැතිලු....කොහොම උනත් හරිම සිත්ගන්නා තැනක්....බලන්නකෝ ජායාරුප දිහා.





බොස්ටන් මැරතන් බෝම්බ සිද්ධිය අලලා නිර්මාණය කල සුපිරි චිත්‍රපටියක්

ඒ 2013 වර්ෂයේ අප්‍රියෙල් 15 වැනි දිනයි.ඇමෙරිකානු විප්ලවය සැමරීම සදහා වූ දේශප්‍රේමී දිනය ලෙසද සැලකෙන මෙදින ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචූසෙට්‌ස්‌ ප්‍රාන්තයේ බොස්ටන් නගරයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැරණිතම මැරතන් තරගය වූ බොස්ටන් මැරතන් තරගය සදහා කටයුතු ලහි ලහියේ සුදානම් වෙමින් පැවතිණ.

උදෑසන 9.30ට ආරම්භ වූ තරගයට විසිතුන් දහසකට අධික මැරතන් ධාවකයින් පිරිසක් සහභාගී වී සිටියහ.සවස 2.49 ට තරගය නිමවීමට මොහොතක් තිබියදී Boylston වීදියේදී බෝම්බ පිපිරීමක ශබ්දයෙන් මුළු පරිසරයම දෙදරුම් කෑහ.තත්පර කිහිපයකින් එම වීදියේම මීටර් කිහිපයකට නුදුරින් එවැනිම තවත් මහා පිපිරීමක් සිදු විය.බොස්ටන් මැරතන් තරගය නිමාවීමත් සමගම එල්ලවූ මෙම බෝම්බ ප්‍රහාර දෙකෙන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වී 264 දෙනෙකු තුවාල ලැබීය.බොහෝ පිරිසකට දෙපා අහිමි විය.

බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව බොස්‌ටන් පොලිසිය ප්‍රමුඛ ඇමරිකානු එෆ් බී අයි පොලිසිය මෙම ත්‍රස්ත ක්‍රියාව සිදුකල පුද්ගලයින් සොයා මහා මෙහෙයුමක් දියත් කරනු ලබයි.දින ගණනාවක දුෂ්කර පරීක්ෂණ වල ප්‍රතිපලයක් ලෙස සැකකරුවන් දෙදෙනෙකු හදුනාගැනීමට සමත් වෙයි.

ඉන්පසු ඇරබෙන්නේ ඔවුන් අත්අඩංගුවට ගැනීමයි.ඒ සදහා බොස්ටන් නගරය සම්පූරණයෙන්ම සීල් තබන පොලිසිය ත්‍රස්තවාදීන් පසුපස හබා යාම ආරම්භ කරයි.එය සිතු තරම් ලෙහෙසි නොවන්නේ ත්‍රස්තවාදීන් ඔවුන් විසින් නිපදවනු ලැබූ බෝම්බ වලින් සන්නද්ධ වී සිටින නිසාය.අවසානයේ තවත් ජිවිත කිගිපයක් නැති කරගනිමින් මහා දේපල විනාශයක් සිදුකරමින් එක් ත්‍රස්තවාදියෙක් මරා තවත් අයෙක් අත්අඩංගුවට ගැනීමට බොස්ටන් පොලිසිය ප්‍රමුඛ එෆ් බී අයි නිලධාරීන් සමත් වෙයි.

සැප්තැම්බර් ප්‍රහාරයට පසු ඇමෙරිකානු සිවිල් වැසියන් ඉල්ලක කර සිදුවූ බරපතලම ත්‍රස්තවාදී ප්‍රහාරය වන මෙම සත්‍ය සිද්ධිය පදනම් කරගෙන Patriots Day (2016) නමින් හොලිවුඩ් චිත්‍රපටියක් එලිදක්වා තිබේ.බොස්ටන් පොලිස් නිලධාරියෙකු ලෙස ප්‍රධාන චරිතය රගපාන  Mark Wahlberg චිත්‍රපටිය පූරා විශිෂ්ට රංගනයක නිරත වෙයි.imdb දර්ශකයේ 7.6/10 ඉහළ ප්‍රතිචාරයක් හිමි කරගෙන සිටින Patriots Day (2016) කාලෙකින් නැරභූ විශිෂ්ඨ ගණයේ සිනමා නිර්මාණයක් ලෙස හැදින්විය හැක.