Tuesday, January 24, 2017

ඇමසන් වනයේ සැගවුණු ජිවිත

වර්ග කිලෝමීටර් 5,500,000 පුරාවට පැතිරී ඇති දකුණු ඇමරිකාවේ ඇමසන් වනාන්තරයේ බාහිර ලෝකය සමග කිසිදු ගනුදෙනුවක් නැති හුදකලා ගෝත්‍ර ගණනාවක් ජිවත් වෙති.
පිටස්තරයින් වනයට සංක්‍රමණය වන විට තව තවත් සැගව ජිවත් වීමට වෙර දරන මෙම මිනිසුන් තම හිසට ඉහලින් පියාසර කරන හෙලිකොප්ටර් යානයකට එරෙහිව පවා දුණු ඊතල අමෝරා ගනිති.
බ්‍රසීල ජායාරුප ශිල්පී Ricardo Stuckert විසින් ඇමසන් වනයේ ජිවත් වන මෙවැනි ආකාරයේ ගෝත්‍රයක මිනිසුන්ගේ ඡායාරූප කිහිපයක් ලබා ගැනීමට සමත් වී සිටි.
Stuckert ගමන් කරමින් සිටි හෙලිකොප්ටරය කුණාටුවකට හසුවී, ඇමසන් වනයේ පීරු දේශ සීමාව ආසන්නයට පියාසර කර ඇති අතර එහිදී ඔහුට මෙම හුදෙකලාව වාසය කරන ගෝත්‍රික මිනිසුන් දක්නට ලැබී තිබේ.
මීට පෙර 2008 වර්ෂයේදී ද මෙවැනිම ආකාරයේ ඡායාරූප කිහිපයක් ලබාගැනීමට හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටි ඡායාරූප ශිල්පියෙකු සමත් වූ අතර එම ඡායාරූප ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේය.
ඡායාරූප : නැෂනල් ජියෝග්‍රැෆික් වෙබ් අඩවිය






ඉක්වදෝරයේ ලෝකාන්ත ඔන්චිල්ලාව

ලොකු කුඩා බාල මහළු අප සියල්ලන්ගේම සිත් පැහැර ගත් ස්ථානයක් තමයි හෝටන්තැන්නේ ලෝකාන්තය...ඉතින් ඔය ලෝකාන්තයේ මහා ප්‍රපාතෙට ඔන්චිල්ලාවක් බැදලා ඔන්චිලි පදින්නන්න එහෙම චාන්ස් එකක් තිබුනොත් තිබුනොත්....හ්ම්ම්...කරන්න තියා හිතන්නවත් අමාරු වැඩක් නේද..?
ඒත් ඒවගේ ලෝකාන්තෙක ඔන්චිලි පදින දැඩි සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානයක් තමයි මේ La Casa Del Arbol කියන්නේ...මේක තියෙන්නේ දකුණු ඇමරිකා මහද්වීපයේ ඉක්වදෝරයේ කියන රටේ.
මුහුදු මට්ටමේ ඉදලා මීටර් 2600 ( හෝටර්න් තැන්න මීටර් 2100-2300 ) ක වගේ උසක තියෙන මේ ස්ථානය ඉස්සර යොදාගෙන තියෙනේ ඊට කිලෝමීටර් කිහිපයක් එහායින් තියෙන Tungurahua ගිනි කන්ද නිරීක්ෂණය කරන්න...ඒ කියන්නේ ගිනිකන්ද සක්‍රිය වෙලා දුම් දාන්න පටන් ගන්නවද කියල බලන්න.
ඉතින් මෙතන ඉන්න ගමන් කම්මැලිකම යන්නත් එක්ක භූ විද්‍යාඥයින් එකතුවෙලා ප්‍රපාතෙට මුහුණ දාල තියෙන විශාල ගසක ඔන්චිල්ලාවක් බැදලා තියනව...ඒ ඔන්චිල්ලාව තමයි අද වෙනකොට ලෝකයේ නන්දෙසින් පැමිණෙන ත්‍රසෝන්මාදී ක්‍රියාවල නිරත වන්න කැමති සංචාරකයන්ගේ තෝතැන්නක් බවට පත් වෙලා තියෙන්නේ.
මෙතන කොච්චර ලස්සන උනත් අසුරු සැනෙන් ඡීවිතක් පවා නැතිවෙන්න පුළුවන් මාරාන්තික ස්ථානයක් විදිහට තමයි සැළකෙන්නේ...හැබැයි මේ වෙනකම් සංචාරකයින්ට එහෙම අනතුරක් සිද්ධ වෙලා නම් නැතිලු....කොහොම උනත් හරිම සිත්ගන්නා තැනක්....බලන්නකෝ ජායාරුප දිහා.





බොස්ටන් මැරතන් බෝම්බ සිද්ධිය අලලා නිර්මාණය කල සුපිරි චිත්‍රපටියක්

ඒ 2013 වර්ෂයේ අප්‍රියෙල් 15 වැනි දිනයි.ඇමෙරිකානු විප්ලවය සැමරීම සදහා වූ දේශප්‍රේමී දිනය ලෙසද සැලකෙන මෙදින ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචූසෙට්‌ස්‌ ප්‍රාන්තයේ බොස්ටන් නගරයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැරණිතම මැරතන් තරගය වූ බොස්ටන් මැරතන් තරගය සදහා කටයුතු ලහි ලහියේ සුදානම් වෙමින් පැවතිණ.

උදෑසන 9.30ට ආරම්භ වූ තරගයට විසිතුන් දහසකට අධික මැරතන් ධාවකයින් පිරිසක් සහභාගී වී සිටියහ.සවස 2.49 ට තරගය නිමවීමට මොහොතක් තිබියදී Boylston වීදියේදී බෝම්බ පිපිරීමක ශබ්දයෙන් මුළු පරිසරයම දෙදරුම් කෑහ.තත්පර කිහිපයකින් එම වීදියේම මීටර් කිහිපයකට නුදුරින් එවැනිම තවත් මහා පිපිරීමක් සිදු විය.බොස්ටන් මැරතන් තරගය නිමාවීමත් සමගම එල්ලවූ මෙම බෝම්බ ප්‍රහාර දෙකෙන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වී 264 දෙනෙකු තුවාල ලැබීය.බොහෝ පිරිසකට දෙපා අහිමි විය.

බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව බොස්‌ටන් පොලිසිය ප්‍රමුඛ ඇමරිකානු එෆ් බී අයි පොලිසිය මෙම ත්‍රස්ත ක්‍රියාව සිදුකල පුද්ගලයින් සොයා මහා මෙහෙයුමක් දියත් කරනු ලබයි.දින ගණනාවක දුෂ්කර පරීක්ෂණ වල ප්‍රතිපලයක් ලෙස සැකකරුවන් දෙදෙනෙකු හදුනාගැනීමට සමත් වෙයි.

ඉන්පසු ඇරබෙන්නේ ඔවුන් අත්අඩංගුවට ගැනීමයි.ඒ සදහා බොස්ටන් නගරය සම්පූරණයෙන්ම සීල් තබන පොලිසිය ත්‍රස්තවාදීන් පසුපස හබා යාම ආරම්භ කරයි.එය සිතු තරම් ලෙහෙසි නොවන්නේ ත්‍රස්තවාදීන් ඔවුන් විසින් නිපදවනු ලැබූ බෝම්බ වලින් සන්නද්ධ වී සිටින නිසාය.අවසානයේ තවත් ජිවිත කිගිපයක් නැති කරගනිමින් මහා දේපල විනාශයක් සිදුකරමින් එක් ත්‍රස්තවාදියෙක් මරා තවත් අයෙක් අත්අඩංගුවට ගැනීමට බොස්ටන් පොලිසිය ප්‍රමුඛ එෆ් බී අයි නිලධාරීන් සමත් වෙයි.

සැප්තැම්බර් ප්‍රහාරයට පසු ඇමෙරිකානු සිවිල් වැසියන් ඉල්ලක කර සිදුවූ බරපතලම ත්‍රස්තවාදී ප්‍රහාරය වන මෙම සත්‍ය සිද්ධිය පදනම් කරගෙන Patriots Day (2016) නමින් හොලිවුඩ් චිත්‍රපටියක් එලිදක්වා තිබේ.බොස්ටන් පොලිස් නිලධාරියෙකු ලෙස ප්‍රධාන චරිතය රගපාන  Mark Wahlberg චිත්‍රපටිය පූරා විශිෂ්ට රංගනයක නිරත වෙයි.imdb දර්ශකයේ 7.6/10 ඉහළ ප්‍රතිචාරයක් හිමි කරගෙන සිටින Patriots Day (2016) කාලෙකින් නැරභූ විශිෂ්ඨ ගණයේ සිනමා නිර්මාණයක් ලෙස හැදින්විය හැක.



Tuesday, November 29, 2016

දුර්ලභ ගණයේ ඵෛතිහාසික ඡායාරූප පෙළක් # 5

1.1991 වර්ෂයේ කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ ඒඩ්ස් ආසාදිතයින් සිටිනා රෝහලකට පැමිණෙන ඩයනා කුමරිය අත්වැසුම් පවා නොමැතිව ඒඩ්ස් අසාදිතයෙකු හට අතට අත දෙන දර්ශනය සහිත මෙම ඡායාරූපය ඒඩ්ස් රෝගීන් කෙරෙහි ලෝකයාගේ ආකල්පය වෙනස් කිරීමට සමත් වූ ඡායාරූපයක් ලෙස ප්‍රසිද්ධය.


2. ජෝසප් ස්ටාලින් (රුසියාව) , ෆ්රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් (ඇමෙරිකා එක්සත් ජනපදය) සහ වින්ස්ටන් චර්චිල් (මහා බ්‍රිතාන්‍යය) යන ලෝක බලවතුන් තිදෙනා 1943 නොවැම්බර් 28 වන දින ඉරානයේ ටෙහෙරාන් නුවරදී ගනු ලැබූ මෙම ඡායාරූපය නම් කර ඇත්තේ The “Big Three” නමින්.
දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමගම ටෙහෙරාන් නුවරට රැස් වූ ලෝක බලවතුන් දෙවන ලෝක යුද්ධයේදී තම තමන්ගේ කාර්යය භාරය පිළිබදවත් යුධ සැලසුම් සකස් කිරීමත් සිදු කළහ.
මෙම ඡායාරූපයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ මොවුන් එකිනෙකට වෙනස් වූ ආසන 3ක් මත අසුන් ගෙන සිටීමයි.එම ආසන ඔවුන්ගේ ප්‍රතිරූපයේ සංකේත වන අතර ඒවා ඔවුන් යන යන තැන් වලට රැගෙන ගිය බව ප්‍රකට කරුණක්.


3 # යුද්ධයේ කුරිරු කම විදහා දක්වන මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ Joe O’Donnell නමැති ඡායාරූප ශිල්පියා විසිනි.1945 වර්ෂයේ ජපානයේ නාගසාකි නුවරට මිත්‍ර හමුදා විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර වලට මැදිව දහස් ගණනින් මිය ගියහ.
 
එලෙස මියගිය තම පුංචි සොහොයුරාගේ සිරුර කරපින්නාගෙන එය මිහිදම් කිරීමට සොහොන් බිමක් සොයා ගමන් කරන මෙම නිර්භීත ජපන් දරුවාගේ ඡායාරූපය ජපන් ජාතිකයින්ගේ ආත්මශක්තිය ලොවටම කියාපාන කැඩපතක් බදුය.


4 # මීට වසර 25 කට පෙර ඉතිහාසයේ සිදුවූ ඉතාමත් කුරිරු මනුෂ්‍ය ඝාතනයක් ඉරාකයේ අධිවේගී මාර්ගයකදී සිදු විය.කුවේටය සහ ඉරාකයේ බැඩ්ගෑඩ් නුවර සම්භන්ධ කරමින් දිවෙන Highway 80 නමින් හැදින්වෙන අධිවේගී මාර්ගය “Highway of Death” නමින් හැදින්වීමට තරම් මෙම සමුලඝාතනය ප්‍රබල විය.

සටන් විරාමයකට පසු කුවේට්ය අතහැර ඉරාකයේ බැඩ්ගෑඩ් නුවර කරා පසු බසිමින් සිටි ඉරාක හමුදා හා සිවිල් වාහන 1,400 - 2,000 අතර ප්‍රමාණයක් ඉල්ලක කරගනිමින් 1991 පෙබරවාරි 26 - 27 රාත්‍රියේ ඇමෙරිකානු සහ කැනඩා ඒකාබද්ධ දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල විය.

උපායශීලීව වට කොට එල්ල කරන ලද මෙම ප්‍රහාරයෙන් එම වාහන වල ගමන් ගත් 10,000 අධික ඉරාක ජාතිකයින් ප්‍රමාණයක් සමුලඝතනයට ලක් විය.
පිපිරුමේදී අධික උෂ්ණත්වයක් මුදා හරින cluster බෝම්බ යොදගෙන කරන ලද මෙය , මානව හිමිකම් ඉතිහාසයේ කළු පැල්ලමක් ඇති කලාවූ සිදුවීමක් වශයෙන් ඉතිහාස පොතට එක් වී ඇත.

ප්‍රහාරයට මැදිවූ ඉරාක ජාතිකයෙකුගේ මෙම ඡායාරූපය කලක් ඇමරිකානු මාධ්‍යට වහ කදුරු මෙන් විය.


5.උතුරු වියට්නාමයේ වසර 5 ක සේවයකින් පසුව තම පවුල සමග එක්වන ලුතිනන් කර්නල් රොබට් එල් ස්ට්‍රීම් ගේ මෙම ඡායාරූපය 1973 වර්ෂයේ ඇසෝසියටෙඩ් ප්‍රෙස් ජයාරූප ශිල්පී Slava Veder විසින් ගනු ලැබුවක්.වියට්නාම් යුධයේ සංකේතාත්මක ජයාරූපක් ලෙස මෙය ප්‍රසිද්ධය


Monday, September 12, 2016

ලෝකයේ ලොකුම මාළු මාකට් එකේ රවුමක් යමු...

ලොව විශාලතම මාළු වෙළදපොළ (The Largest Fish and Seafood Market in the World - Tsukiji fish market, Tokyo, Japan )
+ + + + + + + + + + + + + +
ජපානයේ මධ්‍යම ටෝකියෝවේ Sumida ගඟ අසබඩ Tsukiji මාළු වෙළදපළ සැලකෙන්නේ ලොව විශාලතම මාළු සහ මුහුදු ආහාර වෙළෙඳපළ ලෙසයි.1935 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන මෙය ජපානය වෙත පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ සුවිශේෂී ආකර්ෂණය දිනා ගත් ස්ථානයක් ලෙසද ප්‍රසිද්ධය.

වාර්ෂිකව මාළු සහ මුහුදු ආහාර ටොන් ලක්ෂ 7ක් පමණ පරිභෝජනය කරමින් ලෝකයේ අංක එක ස්ථානයේ වැජබෙන Tsukiji වෙළදපොලේ සාමාන්‍ය දෛනික පිරිවැටුම ලෙස වාර්තා වෙන්නේ ඇමරිකානු ඩොලර් මිළියන 28 කි.

එය ලෝකයේ දෙවන විශාලතම මාළු වෙළදපල ලෙස සැළකෙන මෙක්සිකෝවේ La Nueva Viga Market වෙළදපලේ මෙන් 1.7 ගුණයක් වන අතර ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රසිද්ධම මාළු වෙළදපල ලෙස සැලකෙන නිව්යෝක්හි ෆුල්ටන් මාළු වෙළෙඳපලේ (Fulton Fish Market) පරිමාව මෙන් 8 ගුණයකි.

අභ්‍යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකක් යටතේ ක්‍රියාත්මක වන මෙම මාළු වෙළදපලේ වඩාත් වැදගත් අංශය ලෙස සැලකෙන්නේ තොග මාළු වෙන්දේසි පැවැත්වෙන jonai shijo නමින් හැදින්වෙන අභ්‍යන්තර වෙළදපළයි. එහි බලපත්‍රලාභී අලෙවි නියෝජිතයන් 900ක් පමණ ක්‍රියාත්මක වෙයි.

jogai shijo නමින් හැදින්වෙන බාහිර වෙළදපල මුළුතැන්ගෙයි උපකරණ, ආපනශාලා සැපයුම් සහ මුහුදු ආහාර අලෙවි කරන තොග හා සිල්ලර කඩ මිශ්‍රණයකින් සමන්විත වෙයි.විශේෂයෙන්ම සංචාරකයින් අතර ජනප්‍රිය සුෂි (අමු මාළු, ලුණු හා බත් තම්බා සාදාගන්නා ආහාරයකි ) අවන්හල් රාශියක්ද මෙම බාහිර වෙළදපලේ දැකිය හැකි වෙයි.

ඉරුදින සහ රජයේ නිවාඩු දිනයන්හි හැර අනෙකුත් සෑම දිනයකම උදෑසන 3 ට වෙළදපලේ කටයුතු ආරම්භ වෙයි.එලෙස වෙළදපල ආරම්භවීමෙන් පසුව ලෝකයේ මහද්වීප 6 ක රටවල් 60 කට අධික සංඛ්‍යාවකින් පැමිණෙන ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන්ගෙන් මෙම භූමිය පිරී ඉතිරියයි.

උදෑසන 5.30ට පමණ වන විට මෙහි වැදගත්ම අංගය වන මාළු වෙන්දේසිය ආරම්භ වෙයි.
අවන්හල් , ආහාර සැකසුම් සමාගම් , විශාල තොග මිලදී ගනු ලබන්නන්ගේ බලපත්‍රලාභී නියෝජිතයින් පමණක් ලංසු තැබෙන මෙම වෙන්දේසිය උදෑසන 7 පමණ වන විට අවසන් වෙයි.

ඉන්පසු සිදු කැරෙන්නේ මිලදී ගත් මසුන් කැපීම සහ ආරක්‍ෂිත ලෙස ඇසිරීමය.මීටර් ගණන් දිග කඩු වැනි පිහියා සහ විද්යුත් කියත් යොදාගනිමින් කැපෙන දැවැන්ත මාළුන් ටොන් ගණනින් ට්‍රක් රථ සහ නැව් වලට ඇසිරීමත් සිදු වෙයි.

උදැසන 11 වන විට බොහොමයක් වෙළදසැල් වසා දැමෙන අතර දහවල් 1 වන විට වෙළදපල භූමිය පිරිසිදු කිරීම ආරම්භ වෙයි.








Tuesday, August 2, 2016

ජපනුන් මැරෙන්න යන ඔකිගහරා වනය

" ඔබගේ ජීවිතය දෙමාපියන්ගෙන් ලද වටිනා තෑග්ගකි...ඔවුන් ගැන සිතන්න...ඔබගේ පවුලේ අනෙකුත් සාමාජිකයින් ගැන සිතන්න...ඔබ තනියම විදවීමට අවශ්‍ය නොවේ...අවට ඇති ඕනෑම දුරකථන කුටියකින් පහත දුරකතන අංකයට අමතන්න...අප ඔබ වෙනුවෙන් උදව්වට පැමිණෙන්නෙමු. "

මෙන්න මේ වගේ පණිවිඩයක් වනාන්තරයක පිවිසුම් දොරටුවේ සවිකරලා තිබ්බොත් ඔබට මොන වගේ හැගීමක් ඒවිද ? ඒත් ජපානයේ සුප්‍රකට ෆුජියාමා කදු පාමුල පිහිටලා තියන සුන්දර ඔකිගහරා (Aokigahara) වනාන්තරයේ පිවිසුම් දොරටුවේ එවන් පණිවිඩයක් සදහන් වෙනවා.

ඒ මොකද දන්නවද ? මේ වනාන්තරයට ඇතුල් වෙන බොහොමයක් ජපන් ජාතිකයින් පැමිණෙන්නේ සියදිවි නසා ගැනීමේ චේතනාවෙන්....එක හින්දම තමයි මේ වනාන්තරය සියදිවි නසාගන්නන්ගේ තෝතැන්නක් එහෙම නැත්නම් සියදිවි නසාගන්නන්ගේ වනාන්තරය ( suicide forest ) විදිහටත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.

වර්ග කිලෝමීටර් 35 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී ඇති මේ වනාන්තරය අතීතයේ සිටම සියදිවි නසා ගැනීම් සදහා ප්‍රසිධියක් උසුලනු ලබනවා.සංඛ්‍යා ලේඛන වල යම් යම් පරස්පරතා තිබුනත් 1988 වර්ෂයේ සිටම සෑම වසරකම දිවි නසාගැනීම් 30 පමණ වාර්තා වෙනවා.

2002 වර්ෂයේ මළ සිරුරු 78 ක්ද 2003 වර්ෂයේ මළ සිරුරු 105 ක්ද සොයාගෙන ඇති මේ වනාන්තරයේ 2010 වර්ෂයේ පුද්ගලයින් 200 අධික සංඛ්‍යාවක් සියදිවි නසා ගැනීමට උත්සාහ දරා තිබුනත් 54 දෙනුකු එයින් සාර්ථක වූ බවත් සදහන්.ජපානයේ මුදල් වර්ෂය අවසන් වන මාර්තු මාසයේ සියදිවි නසාගැනීම් ප්‍රමාණය ඉහල යන බවයි වාර්තා වෙන්නේ.

මෙම වනාන්තරය තුල දිවි නසාගන්නන් තම ආත්ම ඝාතනය සදහා බොහෝ විට යොදාගනු ලබන්නේ කඹයක එල්ලීම හෝ අධික ලෙස මාත්‍රාව ඉක්මවා ඹෟෂධ ලබා ගැනීමයි.වනාන්තරයේ ගස් වැල් පිහිටා ඇති අධික ඝනත්වය නිසා මෙම මළ සිරුරු සොයා ගැනීමට කාලාන්තරයක් ගත වෙන බවයි වාර්තා වෙන්නේ.

මෑතක සිට බලධාරීන් මෙම වනාන්තරය තුල සිදුවෙන දිවි නසාගැනීම් ප්‍රමාණය වාර්තා කිරීමෙන් වැලකි සිටින්නේ සියදිවි නසාගැනීමට බලාපොරොත්තු වෙන පුද්ගලයින් හට එම සංඛ්‍යා උත්තේජනයක් වීම වැළක්වීමේ අදහසින්.

ඔකිගහරා වනාන්තරය සියදිවි නසගන්නන් අතර ජනප්‍රිය වීමට පටන් ගෙන ඇත්තේ 1960 වර්ෂයේ ප්‍රකාශයට පත් වුනු Seichō Matsumoto නමැති ජපන් ලේඛකගේ Kuroi Jukai (Black Sea of Trees) කෘතිය නිසා බවයි පැවසෙන්නේ.

ඒමෙන්ම ජපන් මිත්‍යා කතාවල එන " යුරි " නමැති දුෂ්ට ආත්ම සමගද මෙම අත්භූත වනාන්තරයට ඇත්තේ සුවිශේෂී සම්භන්ධතාවයක්.










හොටය ආහාර ගබඩාවක් කරන Atlantic Puffin පක්ෂින්

අයිස්ලන්තය ආශ්‍රිත වෙරළ තීරයේ ජිවත් වෙන මේ අපුරු පක්ෂි විශේෂය හැදින්වෙන්නේ Atlantic puffin නමින්.

අති දක්ෂ කිමිදුම්කරුවන් ලෙස සැලකෙන මොවුන් හට මුහුදේ අඩි 200 පමණ ගැඹුරට පිහිනා මසුන් දඩයම් කිරීමේ හැකියාවක් ඇත.

කුඩා මාළුන් දඩයම් කිරීමට ප්‍රියතාවයක් දක්වන මෙම පක්ෂීන්ගේ ඇති විශේෂත්වය වන්නේ ගැඹුරු මුහුදට කිමිද අල්ලාගන්නා මසුන් හොටෙයේ රදවා තබා ගැනීමට ඇති හැකියාවයි.වරකට මසුන් 10 දෙනෙකු පමණ මෙලෙස හොටයේ ගබඩා කිරීමට මොවුනට පුළුවන.