Tuesday, January 24, 2017

බොස්ටන් මැරතන් බෝම්බ සිද්ධිය අලලා නිර්මාණය කල සුපිරි චිත්‍රපටියක්

ඒ 2013 වර්ෂයේ අප්‍රියෙල් 15 වැනි දිනයි.ඇමෙරිකානු විප්ලවය සැමරීම සදහා වූ දේශප්‍රේමී දිනය ලෙසද සැලකෙන මෙදින ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචූසෙට්‌ස්‌ ප්‍රාන්තයේ බොස්ටන් නගරයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැරණිතම මැරතන් තරගය වූ බොස්ටන් මැරතන් තරගය සදහා කටයුතු ලහි ලහියේ සුදානම් වෙමින් පැවතිණ.

උදෑසන 9.30ට ආරම්භ වූ තරගයට විසිතුන් දහසකට අධික මැරතන් ධාවකයින් පිරිසක් සහභාගී වී සිටියහ.සවස 2.49 ට තරගය නිමවීමට මොහොතක් තිබියදී Boylston වීදියේදී බෝම්බ පිපිරීමක ශබ්දයෙන් මුළු පරිසරයම දෙදරුම් කෑහ.තත්පර කිහිපයකින් එම වීදියේම මීටර් කිහිපයකට නුදුරින් එවැනිම තවත් මහා පිපිරීමක් සිදු විය.බොස්ටන් මැරතන් තරගය නිමාවීමත් සමගම එල්ලවූ මෙම බෝම්බ ප්‍රහාර දෙකෙන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වී 264 දෙනෙකු තුවාල ලැබීය.බොහෝ පිරිසකට දෙපා අහිමි විය.

බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව බොස්‌ටන් පොලිසිය ප්‍රමුඛ ඇමරිකානු එෆ් බී අයි පොලිසිය මෙම ත්‍රස්ත ක්‍රියාව සිදුකල පුද්ගලයින් සොයා මහා මෙහෙයුමක් දියත් කරනු ලබයි.දින ගණනාවක දුෂ්කර පරීක්ෂණ වල ප්‍රතිපලයක් ලෙස සැකකරුවන් දෙදෙනෙකු හදුනාගැනීමට සමත් වෙයි.

ඉන්පසු ඇරබෙන්නේ ඔවුන් අත්අඩංගුවට ගැනීමයි.ඒ සදහා බොස්ටන් නගරය සම්පූරණයෙන්ම සීල් තබන පොලිසිය ත්‍රස්තවාදීන් පසුපස හබා යාම ආරම්භ කරයි.එය සිතු තරම් ලෙහෙසි නොවන්නේ ත්‍රස්තවාදීන් ඔවුන් විසින් නිපදවනු ලැබූ බෝම්බ වලින් සන්නද්ධ වී සිටින නිසාය.අවසානයේ තවත් ජිවිත කිගිපයක් නැති කරගනිමින් මහා දේපල විනාශයක් සිදුකරමින් එක් ත්‍රස්තවාදියෙක් මරා තවත් අයෙක් අත්අඩංගුවට ගැනීමට බොස්ටන් පොලිසිය ප්‍රමුඛ එෆ් බී අයි නිලධාරීන් සමත් වෙයි.

සැප්තැම්බර් ප්‍රහාරයට පසු ඇමෙරිකානු සිවිල් වැසියන් ඉල්ලක කර සිදුවූ බරපතලම ත්‍රස්තවාදී ප්‍රහාරය වන මෙම සත්‍ය සිද්ධිය පදනම් කරගෙන Patriots Day (2016) නමින් හොලිවුඩ් චිත්‍රපටියක් එලිදක්වා තිබේ.බොස්ටන් පොලිස් නිලධාරියෙකු ලෙස ප්‍රධාන චරිතය රගපාන  Mark Wahlberg චිත්‍රපටිය පූරා විශිෂ්ට රංගනයක නිරත වෙයි.imdb දර්ශකයේ 7.6/10 ඉහළ ප්‍රතිචාරයක් හිමි කරගෙන සිටින Patriots Day (2016) කාලෙකින් නැරභූ විශිෂ්ඨ ගණයේ සිනමා නිර්මාණයක් ලෙස හැදින්විය හැක.



No comments:

Post a Comment