Wednesday, July 20, 2016

ලොව ගැඹුරුම පතලෙහි සිදූවූ දරුණුතම නාය යාම

2013 වර්ෂයේ අප්‍රියෙල් මස 10 වැනි දින ඇමෙරිකා එක්සත් ජනපදයේ උටා ප්‍රාන්තයේ "බිංහැම් කැනියන් " (Bingham Canyon) තඹ පතලේ දරුණු නායයාමක් වාර්තා විය.

ආසන්න වශයෙන් ටොන් මිළියන160 ක පමණ ප්‍රමාණක ගල් සහ පස් පැයට සැතපුම් 100 පමණ වේගයෙන් පහලට ගමන් කලේ උතුරු ඇමෙරිකානු මහද්වීපයේ ගිනිකඳු නොවන දරුණුතම නාය යාම ලෙස ඉතිහාස පොතේ වාර්තා වෙමින්.

මෙම නාය යාම කෙතරම් ප්‍රබල අන්දමින් සිදු වුනිද යත් උතුරු ඇමෙරිකානු කලාපයේ භූමි කම්පා නිරීක්ෂණය මධ්‍යස්ථාන වල රිඑටර් මාපාංක 2.5 ක භූමි කම්පාවක් ලෙසද මෙම නාය යාම වාර්තා විය.

මිනිසා විසින් නිර්මාණය කරන ලද විවෘත ලොව ගැඹුරුම පතළ ( world's deepest man-made open pit ) ලෙස සැලකෙන Bingham Canyon තඹ පතල 1906 වර්ෂයේ සිට සක්‍රීයව පවතින්නක්

අක්කර 1, 900 පුරා විහිදී ඇති මෙම පතලේ විෂ්කම්භය කිලෝමීටර් 4.5 පමණ වන අතර ගැඹුර කිලෝමීටර් 1.2 පමණ වෙයි.

1906 වර්ෂයේ සිටම මේ දක්වා තඹ ටොන් මිළියන 17 (2004 වාර්තා අනුව) ක් ද රත්‍රන් ටොන් 620 ක් ද රිදී ටොන් 5,000 ක් පමණ ලබාගෙන ඇති අතර වාර්ෂිකව මෙම පතලෙන් නිෂ්පාදනය කෙරෙන මුළු බැර ලෝහ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ලෙසද වාර්තා වෙයි.ඇමෙරිකානු එක්සත් ජනපදයේ තඔ අවශ්‍යතාවයෙන් 25% ක්ම සැපයෙන්නේ මෙම පතලෙන් වීම විශේෂත්වයක්.




No comments:

Post a Comment