Wednesday, July 20, 2016

ලෝකේ ගණන්කාරම මිරිස් කරල.

මිරිස් කියන්නේ ආසියාතික රටවල කෑම උයන්න නැතුවම බැරි දෙයක්.අපේ රටෙත් කෑම පිසින්න අමු මිරිස් ,මාළු මිරිස් , නයි මිරිස් , කොච්චි මිරිස් වගේ තව නොයෙකුත් ජාතියේ මිරිස් අඩු වැඩියෙන් යොදා ගන්නවා.සමහර මිරිස් ජාති හරි සැරයි.හැබැයි සමහර ඒවා නිකන් කනන්ත් පුළුවන්.සැරක් ඇත්තෙම නෑ.මම මේ කියන්න යන්නේ ගිනස් වාර්තා පොතෙත් සදහන් වුණු ලෝකයේ සැරම එහෙම නැත්නම් ගණන්කාරම මිරිස් ජාතිය ගැන.
Carolina Reaper නමින් හැදින්වෙන මිරිස් වර්ගය සැලකෙන්නේ ලෝකයේ සැරම මිරිස් වර්ගය විදිහට.එහෙම තමයි ගිනස් වාර්තා පොතෙත් සදහන් වෙන්නේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ The PuckerButt Pepper කියන සමාගමේ තමයි මේ සැර මිරිස් ජාතිය නිෂ්පාදනය කරන්නේ.මිරිස් වල සැර මනින SHU (Scoville Heat Units) අගයට අනුව මෙම මිරිස් වල සැර වාර්තා වෙන්නේ 1,569,300 අගයක්.
ඇත්තටම මොකක්ද මේ SHU අගය.. ? මිරිස් වලට සැර ලබාදෙන්නේ එහි අඩංගු කැප්සෙයිසින් (Capsaicin) කියන රසායනිකය.
මිරිස් වලින් නිස්සාරණය කෙරෙන කැප්සෙයිසින් නිස්සාරණයක සැර නැති කරන්න එහෙම නැත්නම් තනුක කරන්න (Dilution) ජලය කොටස් කොපමණ එකතු කල යුතුද කියලා තමයි මෙම අගයෙන් කියවෙන්නේ.
ඉතින් මිරිස් සැර නැති කරන්න ජලය එකතු කරන්න කරන්න මෙම SHU අගය ඉගල යනවා.
1912 වර්ෂයේ සොයා ගන්නා ලද SHU අගය සැලකෙන්නේ යල් පැනපු ක්‍රමයක් විදිහට.මොකද මේකට යොදා ගන්නේ 5 දෙනෙකුන්ගේ සමන්විත රස පරීක්ෂකයන් ( trained tasters ) සමුහයක්.ඔවුන්ගේ දිව , මිරිස් සැරට දක්වන සංවේදීතාව අනුව මෙම අගය වෙනස් වෙනවා.
ඉතින් පස්සේ කාලෙක නවීන high-performance liquid chromatography වගේ ක්‍රම භාවිතා උනත් ලෝකයේ සම්මතයක් විදිහට තවමත් භාවිතා වෙන්නේ SHU අගය.ලංකාවේ අපි භාවිතා කරන වියළි රතු මිරිස් කරලක SHU අගය 50,000 - 75,000 අතර අගයක් ගන්නවා....ඉතින් හිතාගන්නකෝ Carolina Reaper මිරිස් කරළේ සැර ගැන.



No comments:

Post a Comment