Wednesday, July 20, 2016

ලොව සිටින බුද්ධිමත්ම පක්ෂීන් විශේෂය - අප්‍රිකානු අළු ගිරවුන්

2015 වර්ෂයේ සිය ස්වාමියා හට වෙඩි තබා ඝාතනය කිරීම සම්භන්දයෙන් 48 හැවිරිදි ග්ලෙනා ඩුරම්ට ඇමරිකා එක්සත් ජනපද මිචිගන් ප්‍රාන්ත උසාවිය මගින් නඩු පවරනු ලදී.
ඝාතනය සිදු වී ඇත්තේ ඔවුන් විසින් නිවසේ සුරතලයට ඇති කරන ලද 'බඩ්' නමැති අප්‍රිකානු අළු ගිරවා අබියසදීය.

මෙම සිදුවීමෙන් පසු අළු ගිරවා " වෙඩි තියන්න එපා !" යනුවෙන් නිතර නිතර හඩ ගෑමත් සමගම ස්වාමි පුරුෂයා ඝාතනය කිරීම සම්භන්දයෙන් ග්ලෙනා ඩුරම්ට එරෙහිව ප්‍රබල සාක්ෂියක් ගොඩනැගිණි.

බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ වැසි වනාන්තර නිජ භූමිය කරගත් අප්‍රිකානු අළු ගිරවුන් (African Grey Parrot) සැලකෙන්නේ ලොව සිටින බුද්ධිමත්ම පක්ෂීන් විශේෂය ලෙසටය.
ඔවුන්ට මිනිස් වචන ඉතා පහසුවෙන් හදුනා ගත හැකි අතර ඒවා පහසුවෙන් උච්චාරණය කල හැකිය.

අනෙකුත් කතා කරන පක්ෂීන් මෙන් නොව අප්‍රිකානු අළු ගිරවුන් එක් පුද්ගලයෙකුට පමණක් අවනත වීමේ ප්‍රවණතාවක් දැකිය හැකියි.එක් ස්වාමියෙක් තෝරා ගෙන, ඔහු හෝ ඇය සමග භාෂාව සහ වචන පුරුදු පුහුණු වීම ඔවුන්ගේ ඇති විශේෂත්වයයි.
අප්‍රිකානු අළු ගිරවුන්ට මිනිස් වචන ඉගැන්වීම ඉතා පහසු වන අතර ඉන්පසු ඒවා මතකයේ තබාගෙන වාක්‍යය පවා නිර්මාණය කිරීමේ හැකියාව ඇත.

එමෙන්ම අවට පරිසරයේ විවිධ ශබ්ද අනුකරණය කිරීම අතින්ද ඉදිරියෙන් සිටින මොවුන් විවිධ ශබ්ද මගින් විලෝපිකයන් රැවටීමට තරම් බුද්ධිමත් පක්ෂි විශේෂයක්ද වේ.



No comments:

Post a Comment