Wednesday, July 20, 2016

ツ ツ ගුවන් යානා නරඹන්නන්ගේ පාරාදීසය ツ ツ

ශාන්ත මාටින් (Saint Martin) කියන්නේ කැරිබියන් මුහුදේ තියන දුපතක්.වර්ග සැතපුම් 34 වගේ ප්‍රදේශයක පැතිරිලා තියන මේ පුංචි දුපත සංචාරක සුරපුරයක් විදිහට ලෝක ප්‍රසිද්ධයි.
හැබැයි ඊටත් වඩා ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ගුවන් යානා නරඹන්නන්ගේ පාරාදීසයක් විදිහට.
දුපතේ තියන සීමිත ඉඩ කඩ හින්ද ශාන්ත මාටින් ගුවන් තොටුපලේ ධාවන පථය පිහිටලා තියෙන්නේ මහෝ (Maho Beach) කියන වෙරළ තීරයට ගොඩක් සමීපව.
එක හින්ද බොහොමයක් සංචාරකයන් මෙමෙ වෙරළ තීරයට එන්නේ අඩි 100 වගේ උසකින් පියාසර කරන ගුවන්යානා නැරබීමේ අදහසින්.
සමහර වෙලාවට ගුවන් යානා අහසට නැංවීමේදී ඇතිවන අධික උෂ්ණත්වයට අහුවෙලා සංචාරකයන්ට අනතුරුත් සිදු වෙනව.බලන්නකෝ වීඩියෝව.
https://www.youtube.com/watch?v=LV28AL0k1kY




No comments:

Post a Comment