Wednesday, July 20, 2016

කණ්නාඩියේ එළියෙන් ජිවත් වෙන ඉතාලියේ ගම්වැසියෝ

ඉතාලියේ Viganella කියන ගම්මානය පිහිටලා තියෙන්නේ ගැඹුරු කදු නිම්නයක පතුලේ.කදු මුවාවෙ පිහිටලා තියන හින්ද මේ ගම්මානයට මාස 6 ක පමණ කාලයකට හිරු එළිය කියන්නේ හරිම සීමිත සම්පතක්.

විශේෂයන්ම ශීත කාලේ ආවම මාස තුනක පමණ කාලයක් මේ ගම්මානයේ වැසියන්ට හිරු එළිය දකින්නවත් ලැබෙන්නේ නැහැ.හරියට නිකන් සයිබීරියාවට ගියා වගේ.
ඉතින් මේ ප්‍රශ්ණයට ප්‍රයෝගික විසදුමක් මේ වැසියන් සොයාගෙන.ඒ තමයි වර්ග මීටර් 40 ක ප්‍රමාණයේ දැවැන්ත කැඩපතක් මීටර් 1,100 උසින් පැහැදිලිව සූර්ය්‍යාලෝකය පතිත වෙන ස්ථානයක ස්ථානගත කරන එක.

කැඩපත මතට වැටෙන සූර්ය්‍යාලෝකය කෙලින්ම නාභි ගත කරලා තියෙන්නේ ගම්මානයේ මධ්‍යයට.සූර්ය්‍යාගේ පිහිටීම අනුව ස්වංක්‍රියවම චලනය වෙන මෙම දර්පණය ටොන් 1.1 බරින් යුක්තයි.එකෙන් වර්ග අඩි 300 ක පමණ ප්‍රදේශයකට සූර්ය්‍යාලෝකය සපයන්න පුළුවන් කම ලැබී තියනවා.




No comments:

Post a Comment