Wednesday, July 20, 2016

ලොව ලස්සනම පියගැට පෙළක්

විශාල සංචාරක ආකර්ශණයක් දිනාගත් ස්ථානයක් ලෙස බ්‍රසීලයේ රියෝ ද ජැනීරෝ නුවර “Selaron Steps” පියගැට පෙළ ලෝක ප්‍රසිද්ධයි.

බ්‍රසීලියානු චිත්‍ර ශිල්පී Jorge Selaron විසින් 1990 වර්ෂයේදී සිය නිවස ඉදිරිපිට ඇති පඩි පෙළෙහි පඩි කිහිපයක් අලුත් වැඩියා කිරීමේ අරමුණෙන් වර්ණ ගන්වන ලද ටයිල් අල්ලා ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය අවසන් වී ඇත්තේ පඩි 250 කින් සමවිත මීටර් 125 දිගින් යුතු සම්පුර්ණ පියගැට පෙලම වර්ණවත් ටයිල් අල්ලා අලංකාර කිරීමෙන් අනතුරුවයි.

ඒ සදහා ඔහුට ටයිල් 2,000 අධික ප්‍රමාණයක් වැය වී ඇති අතර අද වන විට “Selaron Steps” පියගැට පෙළ රියෝ ද ජැනීරෝ නුවර සංකේතයක් ලෙසද සැලකේ.




No comments:

Post a Comment