Wednesday, July 20, 2016

බෝට්ටු ගරාජයක් පවා දක්නට ලැබෙන අධිසුඛෝපභෝගී J'ade යාත්‍රා

අධිසුඛෝපභෝගී J'ade නමින් හැදින්වෙන යාත්‍රා (yacht ) විශේෂය නිෂ්පාදන කරනු ලබන්නේ ඉතාලියේ CRN සමාගම විසින්.
අභ්‍යන්තරයේ බෝට්ටු ගරාජයක් පවත්වාගෙන යාමට හැකියාව (Floating Speedboat Garage) ඇති මෙම යාත්‍රාවක මීටර් 8 ක දිගින් යුතු බෝට්ටුවක් පහසුවෙන් නවතා තැබිය හැකි වෙනවා.
ලෝකයේ මෙවැනි ආකාරයේ ගරාජ පහසුකම් සහිත යාත්‍රා නිෂ්පාදන කරන්නේ CRN සමාගම පමණක් වීම විශේෂත්වයක්.
අඩි 196 දිගින් වන මෙම යාත්‍රාවක සංචාරකයින් 10 දෙනෙකුට එකවර ගමන් කිරීමට හැකිවන අතර කාර්යය මණ්ඩලය 13 දෙනෙකුගෙන් සමන්විතයි.
ජිම් එකක් සහ ජලය ලීටර් 18,000 ක ධාරිතාවෙන් යුතු තටාකයක්ද මෙහි අන්තර්ගතයි.
මෙම යාත්‍රාවක් නිෂ්පාදන කිරීමට වසර 3 ක් පමණ ගත වන අතර විකුණුම් මිල ලෙස සදහන් වෙන්නේ ඇමරිකානු ඩොලර් මිළියන 60 (2014 දත්ත අනුව) ක්.








No comments:

Post a Comment