Wednesday, July 20, 2016

නවසීලන්තයේ ඇඹරී ඇදවී ගිය ගස්

අප නවීන තාක්ෂණයෙන් කෙතරම් සන්නද්ධ වී සිටියත් ස්වභාවධර්ම මාතාවගේ අණසකට නතුවූ ප්‍රදේශ ලොව ඕනෑතරම් දැකිය හැකිය.එවැනි එක් ස්ථානයකි නවසීලන්තයේ දකුණු දුපතේ දක්නට ලැබෙන Slope Point.

සමකයේ සිට කිලෝමීටර් 5,100 දකුණින්ද දක්ෂිණ ධ්‍රැවයේ සිට කිලෝමීටර් 4,800 උතුරින් ද පිහිටා ඇති මෙම ප්‍රදේශය වර්ෂය පුරාම නිරාවරණය වන්නේ දක්ෂිණ ධ්‍රැවයේ සිට හමායන ප්‍රබල සුළං ධාරා සහිත කටුක දේශගුණික තත්වයන්ටය.
එම නිසාම මෙම ප්‍රදේශය පුරා දක්නට ලැබෙන ගස් ඇඹරී ඇදවී ගොස් ඇත්තේ පරිසරයට අසාමාන්‍ය සුන්දරත්වයක්ද එක් කරමිනි.







No comments:

Post a Comment