Wednesday, July 20, 2016

ඊශ්‍රායලයේ අපුරු මගී ආවරණ

ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරයේ Vallero චතුරස්ශ්‍රයේ හරි අපුරු මගී ආවරණ ටිකක් දැක ගන්න පුළුවන්.

චලන සංවේදී ( motion sensors ) උපාංග සවිකරලා තියන අලංකාර මලක හැඩය ගත්ත මේ මගී ආවරණ ක්‍රියාත්මක වෙන්නේ හරි සුව්ශේෂී ආකාරයකට.
හුදෙකලාව තියෙනකොට පරවෙලා ඇකිලිලා තියෙන මේ මල් පිපෙන්න පටන් ගන්නේ කවුරුහරි ඇවිල්ලා මේ මල් යට හිටගත්තාම විතරයි.

එහෙම පිපෙන මලකින් මීටර් 9 ක වපසරියක් ආවරණය කරන්නත් පුළුවන්.හැබැයි කවුරුත් මේ මල් යට නැත්නම් මල් තියෙන්නේ පර වෙලා...හරි අපුරු නිර්මාණයක් නේද !




No comments:

Post a Comment