Wednesday, July 20, 2016

ලේ දන් දෙන කකුළුවෝ...

මීට අවුරුදු මිළියන 300 විතර ඉදන් ඒ කියන්නේ ඩයිනෝසිරස්ල කරළියට එන්නත් කලින් ඉදලම පෘථිවියේ වාසය කරන අපූරු සතෙක් ගැනයි මේ කතාව.වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් වන මෙයාගේ නම " Horseshoe Crab " එහෙම නැත්නම් " අශ්වලාඩම් කකුළුවා ".
උතුරු අත්ලාන්තික් සාගර කලාපයේ බහුලව ජීවත් වෙන මෙම අපුරු සත්ව කොට්ඨාශය ඉන්දියන් සාගරයේත් ආසියානු කලාපයට යාබද පැසිෆ්ක් සාගර කලාපයේදීත් දකින්න පුළුවන්.
මුහුදේ ජිවත් වන අනික් කකුළු විශේෂ වලට හාත් පසින්ම වෙනස් හැඩයක් ගත්ත අශ්වලාඩම් කකුළුවාගේ තියන විශේෂත්වය තමයි රුධිරයේ ඇති බැක්ටීරියා නාශක හැකියාව.
එක හින්ද වසරේ මැයි, ජුනි මාස වල අශ්වලාඩම් කකුළුවෝ බිත්තර දාන්න මුහුදේ ඉදල වෙළරට ලගාවුන ගමන්ම විශේෂයෙන්ම සකස් කරන ලද වෛද්‍ය පර්යේෂණාගාර වලට අරන් ගිහිල්ලා රුධිරය ලබා ගන්න පටන් ගන්නව.එහෙම අරන් යන කකුළුවන්ගේ ඇගේ තියෙන ලේ වලින් 30% ක් විතර ලබා ගත්තට පස්සේ නිරුපද්‍රතව නැවත මුහුදට මුදා හරිනව.අශ්වලාඩම් කකුළුවා තමන්ගේ නැතිවෙච්ච ඒ ලේ ප්‍රමාණය සතියක් විතර ඇතුලත නැවත වර්ධනය කරගන්න තරම් ශක්තිවන්තයෙක්.
බොහොමයක් සතුන්ගේ රුධිරය රතු පැහැයක් ගත්තට අශ්වලාඩම් කකුළුවාගේ රුධිරය දීප්තිමත් නිල් පැහැයක් ගන්නවා.Hemocyanin කියන තඹ අඩංගු රසායනික සංයෝගයකින් හින්ද තමයි මේ දීප්තිමත් නිල් පැහැය ලැබිල තියෙන්නේ.
රතු රුධිරයේ අඩංගු විෂ බිජ වලට එරෙහිව සටන් කරන සුදු රුධිරානු වෙනුවට මේ දීප්තිමත් නිල් පැහැ රුධිරයේ අඩංගු වෙන්නේ amoebocytes කියන විෂ බිජ නාශක සෛල විශේෂයක්.ඒ සෛල වලට මනුෂ්‍ය ශරීරය ආක්‍රමණය කරන විෂබීජ , බැක්ටීරියා වලට එදිරිව සටන් කරන්න පුළුවන් හැකියවක් තියනව.
එක හින්ද තමයි දීප්තිමත් නීල පැහැති රුධිරයෙන් නිස්සාරණය කරන amoebocytes සෛල , එන්නත් සහ බෙහෙත් වර්ග අත්හදා බලන්න යොදා ගන්නේ.සීමිත ප්‍රමාණයන්ගෙන් වෙළද පොලට නිකුත් කරන අශ්වලාඩම් කකුළුවාගේ රුධිරය ගැලුමක් ඇමරිකානු ඩොලර් 60,000 ක් පමණ මිලකින් යුක්ත වෙනව.
සැලසුමකින් තොරව අධික ලෙස රුධිරය ලබා ගැනීමත් සාගර උෂ්ණත්වය වැඩි වීම හා ඒ හා සමානව සාගරයේ සිදු වන වෙනස් වීම් හේතුවෙනූත් මේ කකුළු විශේෂය ඉතාමත් සීඝ්‍රයෙන් වදවෙමින් පවතිනවා කියල අන්තර්ජාලයේ සදහන් වෙනවා.
( මුලාශ්‍ර: wikipedia , horseshoecrab.org , deepseanews.com )





 

No comments:

Post a Comment