ජර්මනියේ Bavaria ප්‍රදේශයේ පිහිටා ඇති Nordlingen නගරයට ලැබෙන්නේ මිහිතලයේ අන් කවර නගරයකටවත් නොලැබෙන ආකාරයේ සුවිශේෂී ස්ථානයක්.
ඒ අතිශය සුන්දර මේ නගරය දැවැන්ත උල්කාපාත ආවාටයක් තුල පිහිටා තිබීමෙන්.
මීට වසර මිළියන 14.5 කට පමණ පෙර සැතපුමක් පමණ වන උල්කාවක් පෘතුවිය මත
ගැටීමෙන් කිලෝමීටර් 25 ක පමණ විශ්කම්භයෙන් යුතු ආවාටයක් බිහිවී ඇති අතර
පසුව එය තුල ගොඩනැගුනු නෙත් පිනවන සිත් සනසන මේ අලංකාර නගරයේ අද වන විට
24,000 පමණ ජනතාවක් ජිවත් වෙති.
No comments:
Post a Comment