Wednesday, July 20, 2016

චීනයේ ඓතිහාසික වීර චරිතයක් ලෙස සැලෙකන ගුවාන් යූ නමැති චීන ජෙනරාල්වරයාගේ (General, Guan Yu ) අති දැවැන්ත පිළිරුවක් පසුගියදා චීනයේ Jingzhou නගරයේ විවෘත කෙරුණා.

මීටර් 58 උසින් යුතු මෙම අලංකාර පිළිරුව මුළුමනින්ම තඹ වලින් නිමවා ඇති අතර ඔහුගේ දකුණු අතෙහි දක්නට ලැබෙන ටොන් 136 ක් බරින් යුතු අවියත් සමග ප්‍රතිමාවේ මුළු බර ලෙස සැලකෙන්නේ ටොන් 1,320ක්.

චීන වැසියන් විසින් ගුවාන් යූ ජෙනරාල්වරයා සලකනු ලබන්නේ සහෝදරත්වයේ , සාමූහිකත්වයේ , පක්ෂපාතීත්වයේ සහ ධර්මිෂ්ඨකමේ සංකේතයක් ලෙසයි.



No comments:

Post a Comment