Wednesday, July 20, 2016

ලොව වඩාත්ම හුදකලා ජනාවාසය (Most Remote Inhabited on the Earth)

දකුණු දිග අත්ලාන්තික් සාගරයේ පිහිටා Tristan da Cunha දිවයින සැලකෙන්නේ ලොව වඩාත්ම හුදෙකලා ජනාවාසය ලෙසටයි.

උතුරින් සැතපුම් 1,243 දුරින් ශාන්ත හෙලේනා දිවයිනත් , නැගෙනහිරින් සැතපුම් 1,491 දුරින් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයත් බස්නාහිරින් සැතපුම් 2,088 දුරින් පිහිටා ඇති බ්‍රසීලයේ රියෝ ද ජැනීරෝ නගරයත් මෙම දිවයිනට ආසන්නයේම පිහිටා ඇති ප්‍රදේශ ලෙස සැලකේ.

ගිනි කදු ක්‍රියාකාරිත්වය නිසා බිහිවී ඇති අඩි 6,757 උසින් යුතු කදු ගැටයකින් සමන්විත මෙම දිවයිනේ භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 37.8 කි.

දැඩි බැවුම් සහිත භූ විෂමතාවය නිසා ගුවන් තොටුපලක් දක්නට නොලැබෙන අතර ආසන්නතම මහද්වීපික නගරය වන දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් වෙත ලගාවීමට දින 6 ක මුහුදු ගමනක් සම්පුර්ණ කල යුතු වීමෙන් මෙම දිවයින ලෝකයෙන් හුදකලාවී ඇති ආකාරය මොනවට පැහැදිලි වේ.

අතීතයේ සිටම තල්මසුන් දඩයමේ යන නැව් සදහා තොටුපලක් ලෙස යොදාගෙන ඇති Tristan da Cunha දිවයින පස කාලයේ ප්‍රචලිත වීමට පටන් ගන්නේ 1816 දී මෙවැනිම හුදකලා දිවයිනක් ලෙස සැලකෙන ශාන්ත හෙලේනා දිවයිනේ බ්‍රිතාන්‍ය හමුදා විසින් ප්‍රංශ අධිරාජ්‍ය නැපෝලියන් බොනපාට් සිරගත කිරීමෙන් අනතුරුවයි.

අධිරාජ්‍ය නැපෝලියන් මියයාමෙන් පසු අතහැර දැමු හෙලේනා දුපතේ බලකොටු රැකවල්ලා සිටි බ්‍රිතාන්‍ය ආරක්ෂක හමුදා මෙම දිවයින වෙත සංක්‍රමණ වීමෙන් මෙම දිවයිනේ ජනාවාස ආරම්භ වී ඇතියි සැලකෙන අතර අද වන විට නගරවාසීන් 265 කට නිවස්න වී ඇත්තේ මෙම හුදකලා දිවයිනයි.

අත්ලාන්තික් සාගරය හරහා ගමන් කර නැව් සහ යාත්‍රාවන්හි නැවතුම් පොලක් ලෙස සැලකෙන නිසා දුපත් වැසියන්ගේ ප්‍රධාන අදායම් මාර්ගය වී ඇත්තේ සංචාරක කර්මාන්තයයි.

බොහොමයක් අහාර ද්‍රව්‍ය පිටරටින් නැව් මගින් ආනයනය කෙරෙන අතර සමහරක් කෘෂිකර්මාන්තයේද ධීවර කර්මාන්තයේද නියැලෙයි.

මිළියන ගණනක් වන සංචාරක මුහුදු පක්ෂීන්ගේ ප්‍රධාන අභිජනන මධ්‍යස්ථානයක් ලෙසද සැලකෙන නිසා සත්ව ලෝලීන්ගේ ආකර්ෂණයට බදුන් වූ ප්‍රදේශයක් ලෙස ලෝක ප්‍රසිද්ධය.

මහා බ්‍රිතාන්‍යය යටතේ පාලනය වන මෙම දුපතේ වැසියන් පිටස්තර ලෝකය සමග සම්භන්ධතා පවත්වා ගැනීමට දුපතටම ඇති එකම අන්තර්ජාල පහසුකම සහිත Internet Cafe එකක් යොදාගන්නා අතර පාසලක් ,රෝහල් , ආගමික ස්ථාන ,අවන්හල් , සංචාරක මග පෙන්වන ස්ථානයක් , සුපිරි වෙළද සලක් ආදී අනෙකුත් සියලු පහසුකම් වලින් ද මෙම හුදකලා දිවයින සම්පුර්ණ වී ඇත.





No comments:

Post a Comment