Wednesday, July 20, 2016

උත්තර ධ්‍රැවයේ යෝධ එළවලු

ඇලස්කාවේ Anchorage කියන පළාතේ වසරක් පාසා පැවැත්වෙන කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් තියනවා.ගිම්හානයේ තියන මේ ප්‍රදර්ශණයට ඉදිරිපත් කරන්නේ ඒ පළාතේ Matanuska-Susitna නමින් හැදින්වෙන මිටියාවතේ වැවෙන යෝධ එළවලු වර්ග.
ප්‍රදර්ශණය අවසානයේ ඉදිරිපත් කරල තිබුන යෝධ එළවලු අතරින් යෝධම යෝධ එළවලු තෝරණ තරගෙකුත් තියනවා.

මේ විදිහට Anchorage පළාතේ එළවලු අසමාන්‍ය ලෙස විශාල වෙලා වැඩෙන්න හේතුව තමයි හිරු එලිය හොදින් පතිත වෙන ඇලස්කාවේ ගිම්හාන කාලය දවස් 105 ක් වැනි කාලයකට සීමා වීම.ඒ කෙටි කාලයේ දවසට පැය 19 ක් විතර සුර්ය්‍යාලෝකය ලැබෙනව.ජලයත් ඇති තරම් තියන මේ මිටියාවතේ පසත් ඉතා සාරවත්.

ඉතින් මේ කෙටි කාලයේ එළවලු නොනවත්වාම වැඩෙන්න පටන් ගන්නව.මේ වර්ධනය කොච්චර අසාමාන්‍ය ද කිව්වොත් ගෝවා ගෙඩියක් කිලෝ 60 ක් විතර වෙනවලු.කොමඩු ගෙඩියක් කිලෝ 30 ක් විතර වෙනවලු.එතකොට යෝධ වට්ටක්කා ගෙඩියක් කිලෝ 800 (රාත්තල් 1,780) විතර වෙනවලු.හරි පුදුමයි නේද ?





No comments:

Post a Comment